Saturday, 8 May 2021

සිහිනය

#සිහිනය

සිහිනය රෝස මලක්නම්
නටුව මත කටු බව දැන
කටුව විස බව දැන දැන
වැළඳගමි රෝස පැලයම
රිඳුම් වූවාට කම් නැත
රෝස පෙති මා සතුය

සිහිනය ගැඹුරු සයුර නම්
නැහැවෙමි එයින් පැන පැන
දියේ ලුණු බව දැන දැන
සැනහෙමි ලද වූ දිය ගැන
නොදත්තත් පිහිනුම ගැන
රැඳෙමි නොමැතිව බැරි තැන

සිහිනය ඇබ්බැහියක්නම්
රිඳුම් කුම වූවද කම් නැත
එයින් හිත නවතනු නැත
මිරිඟුවත් හැබැහින් දැක
හඹායමි එය පසුපස
අනේ නවතිනු මා ළඟ

#Tharu
#අකු_රු
2019.11.24
@5.50pm

No comments:

Post a Comment

එල්පිස්ගෙ මල් පොකුර

 රුදුරු සුළඟට හසුව අබලන්ව බිඳවැටුණු පියාපත් මැලියමින් අලවන්න පැලැස්තර දමාගෙන යළි වරක් පියාඹමු අපේක්ෂාභංගත්ව දුරැලන්න ⁣නැතක් සෝ තැවුල් බර සුස...