ඇසිපියන යට අඳිනෙමී
නොනිදි මනනෙත අඳින රූ මත
කිමිදෙමී මම සැනහෙමී
මනස්පර්ශිත මුවඟ දෙතොලත
සිපගමී ඉන් ඉපිලෙමී
මනඃකල්පිත මැඳුරු ගුවනත
සැතපෙමී යළි සැතපෙමී
හ්ම්ම්....
මිරිඟුවේ ගිලෙනා
නෙතු පියන් හැරුණා
යථාලොව දුටු මා
සුසුම් පොදි බීවා
කියඹු වැල් ලිහුණා
නෙත සිසිල දැනුණා
සීත රෑ මුමුණා
මට රහස් කීවා
ළමැද පිරිමදිනා
අග්නිදළු නැඟුණා
දැවෙන හද මත මා
ඉකිලුමක් ලීවා
#යූටර්පි
2023. 05. 23 @10.08am
Pic source: Here

No comments:
Post a Comment