Thursday, 2 May 2024

රාත්‍රිය මනරම්

 රාත්‍රිය මනරම් ය කවදත්

ඒත් නුඹ ළඟ නැති නිසා

ගුවනතේ මම දෙනෙත් ගෙනයමි

සඳට තරුවට අමතලා


ඝනට පැතිරුණු මේකුළක් උඩ

දිලෙන තරුමල් සැඟවිලා

හෙට ය පසලොස්වක ඒත් අද

තාරකාපති මියැදිලා


මුළු අහස් කුස අරක්ගෙන හුන්

වලාකුළු තල කොඳුරලා

කෙසේ හෝ නොහඬා ම දරනෙමි

කියා තව බර තර කළා


මේඝයෙන් හෙළු සුෂිර සුසුමක

මුසුව යන්නට සලසලා

නුඹ ම සොයනා මගේ සුසුමක්

මමත් එයට ම මුසු කළා


#යූටර්පි 

2023. 07. 31 @10.40pm



No comments:

Post a Comment

එල්පිස්ගෙ මල් පොකුර

 රුදුරු සුළඟට හසුව අබලන්ව බිඳවැටුණු පියාපත් මැලියමින් අලවන්න පැලැස්තර දමාගෙන යළි වරක් පියාඹමු අපේක්ෂාභංගත්ව දුරැලන්න ⁣නැතක් සෝ තැවුල් බර සුස...