#රංගම්මා.
රුවැති සුසිනිදු කොපුල් අතරින්
කඳුළු වැටුනද මන්දා.....
නුඹේ කඳුළැලි නොඳුටු වරදට
සමාවනු රංගම්මා.....
බෙඳුනු ඇතපුර ස්නේහ ගඟුලෙන්
එක් බිඳක් ගෙන හංගා.....
නෙතේ කඳුළැලි වසා මා ළඟ
සැනහුණිද රංගම්මා.....
පෙර දිනක සිය සොයුරි වැජඹුනු
අග බිසව් නම රන්දා.....
නුදුරු දිනකින් යලි බසින්නට
සෙනෙහෙ දුන් රංගම්මා.....
නිවට නිරිඳෙකු පතිනි වූ පව
ගෙවන්නට වුණු හින්දා.....
අරුංගල්වල රුහිරු තැවරැණි
සමාවෙනු රංගම්මා.....
-ශ්‍රී වික්‍රම රාජසිංහ රජු-
#Tharuprabha
11 June 2019
මේකට සෑහෙන්න දිග ඉතිහාසයක් තියේ. 🙊
fb දාලා නැති නිසා දැම්මෙ. ✋ අකුරු දෙක තුනක් හැදුවා. 👌