හිරු ඉඟිලුණි ද සඳටත් නො කියා රහස
සඳ සාවියක් නැලවුණි ලැබ සඳ පහස
සඳ අඳුරට ම හුරු විය හිරු නැති දවස
සාවිගෙ ලොවට හිරු නෑ මතු පායන්නේ
හිරු නැති දා අඳුරු සඳ ළඟ දැවටෙන්නේ
මල් පෙති ඇතිරිල්ල නෑ පා ගැටෙන්නේ
නෙක කටු පඳුරු පසුකර ඈ ඇවිදින්නේ
මුදු සඳ ගලක් විය ලද කටු යහන මත
තරු රැසකට ම සුව දෙන්නට වීය ගත
තරුවක් ලෙස ම හිරු වැඩියත් යළිත් වෙත
ඒ රැස් විහිදුනේ වෙන ලොවකටලු සිත
සාවිය තනිවීය දිව රෑ මුළුල්ලේ
යෞවන දිවිය ඇය ගෙවනව නිදැල්ලේ
මව් සඳ අතින් අත පෙම් සුව හෙවිල්ලේ
ඇගෙ මුව මඬල සඳ තරුවට පෙනිල්ලේ
සාවිට මඟ කියන්නට ගෙයි කිසිත් නැති
මව් සඳ නිසා සිප් මැඳුරෙද තනිව ඇති
මව් ගත පුදා මුදලට මාර දූ රති
සාවිට නොලැබි පෙම දුනි පෙම්වතා නිති
සෙවිමට කවුද ඇගෙ තතු ඈ සිතිල්ලේ
ඇගෙ පෙම්වතා ඈ ගැන නිති සෙවිල්ලේ
මව්ගෙන් ඇයව ගිලිහුණු එක ඇසිල්ලේ
සා මල් කැකුළ පරවිය නෑ පිපිල්ලේ
මාපිය වැරැද්දෙන් බිහිවුන කැකුළු මල
නො ලැබුණු ආදරේ සොයමින් තනි වු කළ
හෙට සුපිපෙන්න පෙර හැකිලී ළපටි කොළ
වත් පත් ඉරුව මත කව් විය ඇගේ වල
#අදිසි_අහස 👈 ඒ කාලෙ එකක්. 2019
✍️ Muse Euterpe
Pic credit goes to owner.
No comments:
Post a Comment