Monday, 22 May 2023

නාවාට තරහ නෑ

පොකුරු ගෙන ආමි

නුඹෙ නමට පවරන්න

හිම පියලි මත වැසුණු

හදවත ම අවුලන්න

හීන මන්දිර තනා

ආදරේ පවසන්න

නුඹ ආවෙ නැතිවාට

මං තරහ නෑ ඔන්න


මල් පිපුණු හිමිදිරියෙ

මකරන්ද විඳගන්න

නුඹෙ අතින් අල්ලාන

වාසිටියෙ ඇවිදින්න

හිම තුහින බිඳ දමා

උණුහුමක සැතපෙන්න

නු⁣ඹ තාම නාවාට

මං තරහ නෑ ඔන්න


මල් වැස්ස වැටෙනවිට

තෙමි තෙමී දිවයන්න

වරුසාව සැරවෙද්දි

හිරවරණෙ ගුලි වෙන්න

සියුරු නිවහන අගක

සවන් මත කොඳුරන්න

එන්නේම නැතිවාට

මං තරහ නෑ ඔන්න


#යූටර්පි

30/04/2023 @11.50pm


Photo එක නම් සෑහෙන්න කලින් ගත්තු එකක් 😅



No comments:

Post a Comment

එල්පිස්ගෙ මල් පොකුර

 රුදුරු සුළඟට හසුව අබලන්ව බිඳවැටුණු පියාපත් මැලියමින් අලවන්න පැලැස්තර දමාගෙන යළි වරක් පියාඹමු අපේක්ෂාභංගත්ව දුරැලන්න ⁣නැතක් සෝ තැවුල් බර සුස...