පුරාහඳ එළි නොදුටු අමාවක දවසේ
කඳෝපැණි එළියකින් සැනහුනෙමි රහසේ
රැඳීමට නොහැකි තැන ළය මඬල පහසේ
ප්‍රේමයේ කවි ලියමි රෑ සිහින අහසේ
ආයාසයෙන් නිදන නෙතු පියන් අතරේ
ඇහි පිල්ලමට යටින් නුඹෙ රුව ම වැතිරේ
ඒ හීනයෙන් හෙලූ වැසි දියට කතරේ
සුන්දර ම පතොක් මල් නුඹෙ නමට ඇහැරේ
සීත වැසි ඇදහැලෙන කළුවර ම රෑක
දිලෙන පුළිගුවකි නුඹ ළය මඬල කොනක
උණුහුමට දැවටෙන්න නුඹ නොමැති විටක
මිදුණු ළය පිරිමදිමි දස දහස් වරක
#යූටර්පි
2023.08.25 @7.15pm
No comments:
Post a Comment