නෙතඟ උණුහුම නොදී
හද කඳාමිණ වසා
වැසුණු ඇසිපිය යටින්
වචන සිතුවම් කළා
හීන මල් පෙති පොදී
පෝරකේටම ලියා
සිනිඳු අත්තටු නොදුටු
දළඹුවෙක් මියගියා
වලාකුළු මත රැඳී
මාළිඟා බිඳ දමා
පොළෝ යමහල්වලින්
ජීවිතේ හළු කළා
කඳාමිණ රිදි රිදී
යදින ගී අස අසා
සුසුම් පොඳ ඉල්ලනා
දනට ගැරහුම් කළා
#යූටර්පි
2023.04.03 @10.05 am
#GiveUsOurStolenDreamsBack
#GiveUsOurStolenFutureBack
#මැරිලවත්යන්නෑහිවලා
Pic source: https://images.app.goo.gl/jbGmg8UfRDYkRYo4A

No comments:
Post a Comment