මොකදැයි ය නුඹ මගෙ සිතේ හබය
හුදෙකලාවම පමණි මැද වුව ද සබය
ළය තුරම දවාලන ගිනි පුපුර නුඹ ය
නුඹේ රුව ඇන්දේ ම හදේ නුබ ගැඹ ය
නම පමණ අඩක් දැන ආවාට හේම
මීන දෙනයනින් මගෙ හිත කඩනු කෝම
අහස් මාළිඟාවල හිටියාට ප්‍රේම
එකම එක පිළිතුරක් නැත්තෙ ඇයි තාම
මක් කරනවා ඇති ද තැවේ ළය ගාව
අනේ තත්පරයකට සිහිවේද මාව
ප්‍රතිවදන් කිම වේද තැවීගෙන භාව
ඒ නිසාමද තාම පණිවිඩේ නාව
රළු කොපුල් මැඳ පියුම් පෙති පළොල් පාට
ඇදී දෙපසට වක්ව සිනහ දුටු දාට
මට ඇහෙන මගෙම හද තව ඇසුණි කාට
සිහිනයෙන් වියළි දෙතොළඟ තවමි රෑට
මල් පිපුණු උයනකදි අතින් අල්ලාන
ඉන්න හැකිනම් දිනක් තුටු ය සන්තාන
උණුසුම් ම හැඟීමක් ළයේ හංඟාන
ඇහැරෙන්න ඕනෙ මට ඇති දවල් හීන
#යූටර්පි
2023.01.31 @5.07pm
Written for The Kaleidoscope
Pic source: https://th.bing.com/th/id/OIP.eqDqUKPr9pfESuGr9Dc0FQHaJA?pid=ImgDet&rs=1
No comments:
Post a Comment