Wednesday, 26 April 2023

කාන්තාරේ මං

 කාන්තාරේ මං

____________________


ඉඩෝරේ හමා යන වියළි සුළඟේ ගැවසි

හදවතට කොයි සබඳ පිපුණු මල්පෙති පලැසි

වඩිනතුරු බලාගෙන හිඳිය මුත් දිනිදු සිසි

අහස්දිය වැටෙනතුරු පොළෝ ඉරි තැලුම් දිසි


වැහි බිඳෙන් පරවරිත දිනිදු කිරණින් සැරසි

ඉඳුචාප ගුවන මත පායනා කළ නොදිසි

කතර කවදත් නොවේ පොඳ වැස්ස කී අවැසි

මහ ඝෝර වරුසාව වැහැපන් ඉතින් නොවැසි


හැමදාක මහ රෑට ස්වප්නයේ වූ විලැසි

ගංගාව උතුරන්න විදපන් ය හී මලැසි 

සඳ බෝම ඇතිවාට සෙනසුරුට සේ ම දිසි

අනේ මං එළිය ඇති සඳ නොදුටුවෙම් ය නිසි


2023.01.04 @18.30 

#යූටර්පි 


Pic source: https://pin.it/2og1obb




No comments:

Post a Comment

එල්පිස්ගෙ මල් පොකුර

 රුදුරු සුළඟට හසුව අබලන්ව බිඳවැටුණු පියාපත් මැලියමින් අලවන්න පැලැස්තර දමාගෙන යළි වරක් පියාඹමු අපේක්ෂාභංගත්ව දුරැලන්න ⁣නැතක් සෝ තැවුල් බර සුස...