Wednesday, 26 April 2023

ඉඩෝර කුසුම උපන්ගෙයි මරා දමමි.

 ඉඩෝර කුසුම උපන්ගෙයි මරා දමමි!

____________________________


ඉඩෝරේ කළ ගෙවී අවසන

වියළි ⁣බිම එක මලක් පිපුණා

පමණ හදවත තබා ඒ ළඟ

යන්න යනවා මං


හිමිකමක් තව දන්නෙවත් නැති

මනෝ ලෝකෙක ඉඟිලි ඉඟිලී

උපතටත් පෙර මරපු හැඟුමක

සුසුම් සැලුවා මං


වැටී බිඳෙනට බෝම ළං ඇති

කඳා හදවත ළයේ රැකගෙන

වැටෙන්නැති වැසි පිරුණු මේඝෙක 

බරක් දැරුවා මං


නෙතින් ⁣ගිලිහෙන වරම්වත් නැති

මහා පර්වත බරැති කඳුළක්

දැවි දැවී ලන ගිනි පුපුරු

සිනහවෙන් වැසුවා මං


#යූටර්පි 

2023.01.25 @22.34


Pic credit: https://images.app.goo.gl/4nP3R4KyD4hsHiGx7



No comments:

Post a Comment

එල්පිස්ගෙ මල් පොකුර

 රුදුරු සුළඟට හසුව අබලන්ව බිඳවැටුණු පියාපත් මැලියමින් අලවන්න පැලැස්තර දමාගෙන යළි වරක් පියාඹමු අපේක්ෂාභංගත්ව දුරැලන්න ⁣නැතක් සෝ තැවුල් බර සුස...