රුදුරු සුළඟට හසුව
අබලන්ව බිඳවැටුණු
පියාපත් මැලියමින් අලවන්න
පැලැස්තර දමාගෙන
යළි වරක් පියාඹමු
අපේක්ෂාභංගත්ව දුරැලන්න
නැතක් සෝ තැවුල් බර
සුසුමකින් ඉවතලා
එල්පිස්ගෙ මල් පොකුර සිපගන්න
ජීවයේ මල් පෙත්ත
නොගිලිහී රැඳෙන්නට
හඬ අරන් ඈ සමඟ සිටගන්න
නිවි නිවී යළි දිලෙන
තාරකා පොදිවලට
අත වනා නෙත් කඳුලු පිසලන්න
ඔබට මම, මට ඔබද
අත් නොහැර රැඳේනම්
දිරි අරන් පය පෙරට ගෙනියන්න
පිපෙන මල් ඵල දරන
හෙට දිනට එළි ගෙනෙන
ගිනි පුපුරු ළය පත්ලෙ දල්වන්න
උදාවන වසන්තෙට
වෙර ගෙනෙන පදවැලක්
මා සමඟ තෙලි තුඩක අමුණන්න
#එල්පිස්ගෙමල්පොකුර
#යූටර්පි
2024.03.14 @9.08pm