වලා රොදකට රඳනු බැරිවන
දිය එමත තව රැඳේනම්,
අහස කලු වී ගිඟුම් නඟමින්
අනෝරා වැසි වහිනවා.
වැටෙන තරමට රුදුරු මහ වැහි
දරාගන්නට නොහැකිනම්,
පොළොව මත වුව පිටර ගං දිය
කිඳා නොබැසම ගලනවා
සිහින සිඳලූ ගිනි අගුරු මත
තවත් ඇවිදිනු නොහැකිනම්,
ගිනි නිවන්නට රිදෙන ඇස් අඟ
නොනිම් මහ වැසි වහිනවා.
වැටෙන තරමට කඳුළු වැහිකැට
දරාගන්නට නොහැකිනම්,
සියලු සුරසැප සපිරි මැඳුරෙද
තවත් හුස්මක් නිවෙනවා
#යූටර්පි
ඉස්සර ලියපු එකන්. ආයෙ දැම්මා.
Photo: #TunishaSharma

No comments:
Post a Comment