Wednesday, 26 April 2023

නිමා වූ වසන්තය

 නිමා වූ වසන්තය


කලට කලියෙන් පිපුණු මල්පෙති

සුවඳ තබමින් පරවුණා

සදාකාලික කලු වලාකුලු

හිස් අහස මත පාවුණා

නෙතු පියන් යට අකල් වැහි බිඳු

වසන්තය ගෙන නික්මුණා

රෑ අහස් කුස පුංචි තරුකැට

සඳ සොයා එහි වැලපුණා


කතර මිරිඟුව අතර හිනහෙන

සඳවතිය මට හිනහුණා

අහස් ගැඹ වෙත වඬින්නට බෑ

වසන්තය අවසන් වුණා.

නිමා වූ මල් සමයෙ සුපිපුණු

මල් සුවඳ ළඟ දැවටුණා

පරව ගිය මල මගේ සඳවත

නෙතු පියන් තව බරවුණා


පුංචි තරුකැට හඬා වැළපෙන

අහස මැද මම තනිවුණා

අනේ සඳවත මගේ හදවත

නුඹේ නමටම හැඬවුණා

නිමා වූ කාලයක නටඹුන්

ශීත සමයක දිලිසුණා

සුසුම් ගී මැද මගේ තරු කැට

වසන්තය ළඟ හිනැහුණා


#යූටර්පි



No comments:

Post a Comment

එල්පිස්ගෙ මල් පොකුර

 රුදුරු සුළඟට හසුව අබලන්ව බිඳවැටුණු පියාපත් මැලියමින් අලවන්න පැලැස්තර දමාගෙන යළි වරක් පියාඹමු අපේක්ෂාභංගත්ව දුරැලන්න ⁣නැතක් සෝ තැවුල් බර සුස...