Wednesday, 26 April 2023

සිටුවන්නට පෙර

පාට පෙති ඇති

මල් ඉති ගෙනත් සිටුවති

රුව ඇති බෝම සුවඳැති

ඉන් ඵල නොවේ හටගති


පිපි ලෙස නැවත පරවෙති

නොරැඳෙති හඬති නෑසෙති

සුවඳද කෙමෙන් හැරයති

යළි තනිකමට හුරුවෙති


අඳුරේ ගුලිව වැළපෙති

රන් තරු රෑන නොදකිති

මං තනි කවුරුවත් නැති

සුසුමන් ⁣ඉතින් නිම් නැති


වසත් කළ පමණක් ඇති

මල් ඉති කුමට සිටුවති

අඳුරෙදි එළිය දුන් නිති

තරු කැල නොයති නවතිති


තම තම මන උයන්පැති

සිටුවනු රුක් සදා ඇති

මල් පමණකින් නොනැවති

ඉන් ඵල ඔබට ගෙන දෙති


නොවඩා රුකක් ඵලනැති

බෝ සාවධානයෙන් නිති

තෝරා නිසිම අතු ඉති

⁣හැරගනු සුසුම් තව නැති


Muse Euterpe

16/02/2023 @10.25pm


Pic credit: https://www.peakpx.com/en/hd-wallpaper-desktop-nirfc



No comments:

Post a Comment

එල්පිස්ගෙ මල් පොකුර

 රුදුරු සුළඟට හසුව අබලන්ව බිඳවැටුණු පියාපත් මැලියමින් අලවන්න පැලැස්තර දමාගෙන යළි වරක් පියාඹමු අපේක්ෂාභංගත්ව දුරැලන්න ⁣නැතක් සෝ තැවුල් බර සුස...